April 25, 2024

දකුණු පළාතේ පාසල් නැවත විවෘත කිරීම ගැන තීරණයක්

September 29, 2021

දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ඔක්තෝබර් මස 15 වැනිදින සිට ආරම්භ කිරිමට සැලසුම්කොට ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසනවා.

එම පළාත තුළ ළමුන් 200ට අඩුවෙන් සිටින පාසල් 514ක් තිබෙන අතර මේ දිනවල අදාළ පාසල්වල කොවිඩි මර්ධන කමිටු සක්‍රීය කිරිමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කර සිටියා.

අදාළ කටයුතු ලබන මස 06 වැනිදින දක්වා සිදුකරණ අතර 06 වැනිදින සිට 15 වැනිදින දක්වා කාලය තුල පාසල් පිරිසිදු කිරිමේ කටයුතු සිදුකරණ බවද ලේකම්වරයා සඳහන් කළා.

පාසල් පිරිසිදු කිරිම සදහා අදාළ බලප්‍රදේශවල පළාත් පාලන ආයතන එකගවී ඇති බවත් සනිපාරක්ෂක ද්‍රව්‍ය පළාත් අමාත්‍යංශය මඟින් ලබාදෙන බවද ඒ මහතා පැවසුවා.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතාගේ උපදෙස් මත  200ට අඩු පාසල් විවෘත කිරිම සදහා සැලසුම්කොට ඇති බව පෙන්වා දෙන ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ පාසල්වල තියෙන කොවිඩ් කමිටු සදහා ඇතැම් පාසල්වල විදුහල්පතිවරු සහභාගි නොවන බවත් නමුත් සැලසුම් කළ පරිදි කටයුතු කරගෙන යන බවයි.

පාසල් සදහා පැමිණෙන විදුහල්පතිවරු, ගුරුවරු හා ළමුන් සංඛ්‍යාවෙන්  15 වැනිදින මෙම පාසල් ආරම්භකිරිමට කටයුතු කරණ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළා.

(ලලිත් චාමින්ද - ගාල්ල)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 September 2021 16:31