April 19, 2024

2020 වසරේ සා.පෙළ ප්‍රතිඵලත් නිකුත් වෙයි

September 23, 2021

2020 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (23) දිනයේ නිකුත් වුණා.

සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරික්ෂණ පැවැත්වීමට වසංගත තත්ත්වය නිසා බාධා ඇතිවීම නිසා ප්‍රතිඵල ලබාදීමට ප්‍රමාද වී තිබුණා.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 423,746 ක්ද, පෞද්ගලික අයදුම්කරුවන් 198,606 පෙනී සිටියා.

සාමාන්‍ය පෙළ විභාගය මුලින් පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 දෙසැම්බර් මාසයේදී වූවත් කොවිඩ් වසංගත ආරම්භ වීම නිසා එය 2021 මාර්තු 01 දක්වා කල් දැමුවා.

මෙවර විභාග ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 September 2021 23:09