April 19, 2024

සා.පෙළ සෞන්දර්ය විෂයන් කළ දරුවන්ට සිදුවූ අපරාධය

September 24, 2021

2020 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (23) දිනයේ නිකුත් කළා.

නමුත් එම විභාගය සඳහා පෙනී සිටි සෞන්දර්ය කලා විෂයන් වන සංගීත සහ නැටුම් වැනි විෂයන් සඳහා විභාගයට පෙනී සිටි දරුවන්ගේ එම විෂයට අදාළ ප්‍රතිඵල නිකුත් වී තිබුණේ නැහැ.

ඒ වෙනුවට "සම්පුර්ණ කර නොමැත (Not Compeleted)" යනුවෙන් විභාග ප්‍රතිඵල සටහනේ දක්වා තිබුණා.

2020 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට තිබූ සාමාන්‍ය පෙළ විභාග අවස්ථාව කිහිපයකදීම කොරෝනා වසංගත හේතුවෙන් කල් දැමුණූ අතර පසුව එය මෙම වසරේ මාර්තු මස 01 වැනිදා පැවැත්වූවා.

කෙසේ වෙතත් සෞන්දර්ය කලා විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරික්ෂණ ගුරු - විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් පැවැත්වීමට නොහැකිවූ අතර එවැනි තත්ත්වයක් මතයි මෙලෙස ප්‍රතිඵල නිකුත් කර තිබුණේ.

අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියේ ඉදිරියේ දී එම ප්‍රායෝගික පරික්ෂණ පවත්වා එම දරුවන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 September 2021 09:04