April 24, 2024

සා.පෙළ විභාග ප්‍රතිඵල ගැටලුවක් නම් කතා කරන්න දුරකථන අංකයක්

September 24, 2021

ඊයේ (23) නිකුත් කරන ලද අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පිළිබඳව ගැටලුවක් පවතිනවා නම් ඒ පිළිබඳ විමසීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් දුරකථන අංක ලබාදී තිබෙනවා.

ඒ අනුව 011 2 784 208, 011 2 784 537, 011 3 140 314 යන දුරකථක අංක හෝ 1911 යන ක්ෂණික ඇමතුම් අංකය හරහා විමසීම් කළ හැකියි.

විභාග ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට මුදාහැර ඇති අතර විභාග දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවිය වන  www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 September 2021 09:24