May 11, 2024

වාසුටත් මාරුවක් ලැබෙන හැඩ

ඉතා නුදුරේදීම සිදුකිරීමට නියමිත වත්මන් ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ජල සම්පාදන අමාත්‍යධූරයේද වෙනසක් සිදුවීමට නියමිතයි.

මේ වන විට එම අමාත්‍ය ධුරය දරන්නේ වාසුදේව නානයක්කාර මහතායි.

ජල සම්පාදනේ හිටපු කෙනෙකුටම

ලැබෙන ආරංචි මාර්ග වලට අනුව ජල සම්පාදන අමාත්‍යධුරය හිටපු ජල සම්පාදන අමාත්‍යවරයෙකුටම ලැබීමට නියමිත බවයි දැන ගැනීමට තිබෙන්නේ.

ඔහුද තමන් දැන් දරන අමාත්‍ය ධුරය පිළිබඳව එතරම් කැමැත්තකින් පසු නොවන බවත් වාර්තා වනවා.

ප්‍රථම වරට කැබිනට් ඇමති

ඉතා දීර්ඝ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර ඉතිහාසයකට උරුමකම් කියන වාසුදේව නානයක්කාර මහතා ප්‍රථම වතාවටයි කැබිනට් අමාත්‍ය ධුරයකට පත් වුණේ.

වාසුදේව නානයක්කාර මහතා ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව නියෝජනය කළේ 1970 වර්ෂයේ කිරිඇල්ල මන්ත්‍රීවරයා ලෙසයි.

මහින්ද සමග පාර්ලිමේන්තුවට

වත්මන් අගමැති , හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද පළමු වතාවට පාර්ලිමේන්තුවට පැමිණියේ 1970දීය.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉතිහාසය තුළ වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා බොහෝ ආණ්ඩු නියෝජනය කළද ඒ කිසිවක කැබිනට් අමාත්‍ය ධුරයක් නියෝජනය නොකිරීම විශේෂත්වයක්.

තුන් කට්ටුවටම මාරුවීම්

වත්මන් ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ නායකයෙකු වන වාසුදේව නානයක්කාර මහතා විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන කැබිනට් අමාත්‍යවරුන් සමග එක්ව විකල්ප පක්ෂ හා සංවිධාන 12ක කණ්ඩායමක් ගොඩනඟා පොදු ජන පෙරමුණ සමග ප්‍රසිද්ධියේ ගැටුම් ඇතිකරගෙන සිටින පිරිසේ කෙනෙක්.

නානයක්කාර මහතාගේ පමණක් නොව වීරවංස ගම්මන්පිල යන අමාත්‍යවරුන්ගේද කැබිනට් අමාත්‍ය ධුර විෂයන් කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වෙනස් වනු ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 20 July 2021 07:15