May 04, 2024

රිෂාඩ් සහ රියාජ්ගේ ඉල්ලීම ඇමති වීරසේකර ඉවත දමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් විසින් කළ ඉල්ලීමක් ඉවත දමන්නට මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා කටයුතු කර තිබෙනවා.

එහිදී දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින සහෝදරයන් දෙපළ ඉල්ලා තිබුණේ ඔවුන්ගේ නිවෙස්වලදී රැඳවුම් භාරයට පත්කරන ලෙසයි.

ඔවුන් දෙපළ විසින් මෙලෙස නිවෙස්වලදී රැඳවුම් භාරයට පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් එකඟතාවය පළ නොකර ඇති බවට නීතිපතිවරයා විසින් ඊයේ (15) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර ඉදිරියේදී රිෂාඩ් සහ රියාජ් විසින් ගොනු කර තිබූ මුලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ තීරණය පිළිබඳව අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ෆයිස් මුස්තාපා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම ඉල්ලීම යොමුකර තිබුණා.

මෙම පෙත්සම පිළිබඳව සලකා බැලීම එළැඹෙන 28 දක්වා පසුව කල් තබා තිබෙනවා.

Rate this item
(0 votes)

Related items