May 19, 2024

පොහොට්ටු ලේකම්ටත් අලුත් තනතුරක්! පත්වීම දුන් සැණින් වැඩත් බාරගෙන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාටත් ආණ්ඩු පක්ෂයේ තනතුරක් හිමිව තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊට අදාල ලිපිය ඊයේ (08) දින පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලබා දී තිබෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය මෙයට පෙර ජයන්ත කැටගොඩ මහතා විසින් හෙබ වූ අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවන එම ධුරය සඳහා මෙසේ නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබෙනවා.

පත්වීම් ලිපිය ලැබීමෙන් පසු සුළු වේලාවකින් නීතිඥ සාගර කාරියවසම් මහතා එම ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා.

Rate this item
(0 votes)

Related items