April 28, 2024

රත්වත්තේ ගැන නිහඬව සිටි පොහොට්ටු ලේකමුත් හඬ අවදි කරයි

September 19, 2021

පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා එම පෙරමුණේම මැති ඇමැතිවරුන් පිළිබඳ මතභේදාත්මක ප්‍රකාශ කිරීමට ප්‍රසිද්ධියක් උසුලන්නෙක්.

ලොහාන් රත්වත්තේ මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් පොදු ජන පෙරමුණේ ලේකම් කාරියවසම් මහතා යම් ප්‍රකාශයක් නොකිරීම බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්ව තිබුණා.

පොහොට්ටු ලේකම්ගේ ප්‍රතිචාරය

ඊට පිළිතුරු සපයමින් ලොහාන් රත්වත්තේ මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ ලේකම්වරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කරමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම විධායක කමිටුව රැස්වී සාකච්ඡා කර සුදුසු පියවරක් ගන්නා බව මහ ලේකම්වරයා සදහන් කරනවා.

තියාගන්නවද නැද්ද

රත්වත්තේ මහතා පක්ෂයේ තියාගන්නවද නැතිනම් ඉවත් කරනවාද යන්න තීරණය කරන්නේ ඒ අනුව බවයි කාරියවසම් මහතා අවධාරණය කරන්නේ.

එම කටයුතු ඉතාලියේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටින පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසුව සිදුකරන බවත් කාරියවසම් මහතා සඳහන් කරනවා.

අග්‍රාමාත්‍යවරයා මේ සති අන්තයේ යළි දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එල්ල වන චෝදනා

ලොහාන් රත්වත්තේ මහතාට වැලිකඩ බන්ධනාගාරයට සිය මිතුරන් සමග බීමතින් ඇතුළු වීම මෙන්ම අනුරාධපුර බන්ධනාගාරයටද බීමතින් ඇතුළු වී දෙමළ ත්‍රස්තවාදී සිරකරුවන් සිර මැදිරිවලින් එළියට ගෙන පිස්තෝලය තබා තර්ජනය කිරීම යන චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ චෝදනා මත ඔහු බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පමණක් ඉල්ලා අස් වී සිටින්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 September 2021 20:28

Related items