April 28, 2024

ශ්‍රී.ල.නි.ප - පොහොට්ටු මහ ලේකම්වරු හැප්පෙයි : දයාසිරිට ලුණු ඇඹුල් ඇතිවම කියයි

November 09, 2021

දයාසිරි ජයසේකර මහතා තමන් මේ වගේ පාර්ලිමේන්තුවක් දැක නැති බව කියන්නේ මේ ගොඩනැගිල්ල ගැන සිතා බලාද යන්න ගැන පැහැදිලි නැති බව පොදු ලේකම්වරයා වන ජන ලේකම්වරයා සඳහන් කරනවා.

පොදු ජන පෙරමුණේ ලේකම්වරයා වන සාගර කාරියවසම් මහතා මෙසේ ප්‍රතිචාර දක්වන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයාද වන රාජ්‍ය අමාත්‍ය ජයසිරි ජයසේකර මහතා කර කර තිබෙන ප්‍රකාශයකටයි.

ශ්‍රී.ල.නි.ප මහ ලේකම්ගේ මතය

මෙම ප්‍රශ්නය නැගුනේ මාධ්‍ය හමුවකදී.

එහිදී මාධ්‍යවේදීන් සඳහන් කර සිටියේ ඇතැම් ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපය හා හැසිරීම් රටාව ගැන ජයසේකර මහතා එසේ ප්‍රතිචාර දක්වා ඇති බවයි.

එසේ නම් ඒ කුමන ඇමැතිවරුන්ද යන්න ජයසේකර මහතා කිව යුතු බවයි කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ.

පොහොට්ටු මහ ලේකම්ගේ ප්‍රතිචාරය

එහෙත් පොදු ජන පෙරමුණට නම් දයාසිරි ජයසේකර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ප්‍රශ්නයක් තිබූ බව කාරියවසම් මහතා අවධාරණය කරනවා.

ජයසේකර මහතා රජයේ ඇමතිකමක් දරමින් , රජයේ නිල නිවසක සිටිමින් , රජයේ වාහන පාවිච්චි කරමින් , රජයේ සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් ඒ රජයටම විරුද්ධව කතා කර කර යන බවට පොදු ජන පෙරමුණ ලේකම්වරයා චෝදනා කරනවා.

එවැනි තැන්වල නම් ඔහු ගැන සිය පාර්ශ්වයටත් ප්‍රශ්න තිබූ බව පෙන්වා දෙන කාරියවසම් මහතා ජයසේකර මහතා කරන ප්‍රකාශය බරක්දා සැලකිය යුතු ප්‍රකාශ නොවන බවටයි හඳුන්වා දෙන්නේ.

ජයසේකර මහතාගේ ප්‍රකාශ ග්‍රාම්‍ය ප්‍රකාශ බව පොදු ජන පෙරමුණ ලේකම්වරයාගේ මතය වනවා.

කාරියවසම් මහතා විසින් ජයසේකර මහතාගේ ක්‍රියා පිළිවෙත විවේචනය කළ එම මාධ්‍ය හමුවට පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද සහභාගි වීම විශේෂත්වයක්.

මහාචාර්ය ජී.එල්.පීරිස් ජයසේකර මහතාගේ විශ්ව විද්‍යාල ජීවිතයේ මෙන්ම දේශපාලන ජීවිතයෙත් ගුරුවරයෙක්.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 09 November 2021 11:45

Related items