April 28, 2024

හිටපු මන්ත්‍රීට යළි මන්ත්‍රී ධූරය දෙන්න පොහොට්ටු ලේකම් මැතිවරණ කොමිසමට

September 13, 2021

අද (13) දිනයේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ හිස්වන මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ නම මේ වන විට යෝජනා වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියසම් මහතා විසින් අද දිනයේ ජයන්ත කැටගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දීමට කටයුතු කළා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඔහු විසින් මහ බැංකු සභාපති ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.

බැසිල් රාජපක් මහතාට පාර්ලිමේන්තු ඒම සඳහා ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතා ඒ අනුව නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 September 2021 17:16