April 20, 2024

කබ්රාල්ට තනතුර නැතිවෙයිද? ජනපතිගෙන් මහ බැංකු අධිපතිට පුද්ගලික දැනුම්දීමක්

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉක්මනින් ඉල්ලා අස්වන්නැයි දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු උපදෙස් අනුව මහ බැංකු අධිපතිවරයා ඉක්මනින් ඉල්ලා අස්වනු ඇතැයි ඉංග්‍රීසි ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

රහස්‍ය මූලාශ්‍රවලට අනුව පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය දීර්ඝ කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද පළමු කොන්දේසිය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කබ්රාල් මහතා ඉවත් කිරීම බව දන්වා ඇති බවද එහි සදහන්.

ප්‍රමාද නොකර ඉවත් වන්න

අද ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුනද නිවාඩ් කබ්රාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කතා කර ඔහු ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව පැහැදිලි කර ඇති බවද වාර්තා වනවා.

ඊට ප්‍රතිචාර වශයෙන් අගමැතිවරයා කබ්රාල් මහතාට පවසා ඇත්තේ තවදුරටත් ප්‍රමාද නොකර තම තනතුරෙන් ඉවත් වන ලෙසත් එසේ කිරීම ඔහුට වඩා හොඳ බවත්ය.

වත්මන් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මහ බැංකුව භාර ගැනීමට නියමිත බව වැඩිදුරටත් දැක්වෙනවා.

කෙසේ වෙතත් තවත් ජාතික පුවත්පතක් වාර්තා කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බවයි.

කබ්රාල්ගේ ප්‍රතිචාරය

තමන්ට එවන් දැනුම් දීමක් කර නැති බව මහ බැංකු අධිපති අජිත් කබ්රාල් මහතා පැවසූ බව වාර්තා කර තිබෙනවා.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳ නිවේදනක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම් දීමක් මත එම නිවේදනයේ සඳහන්.

ජනපතිගෙන් පුද්ගලික දැනුම් දීමක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉවත් වන ලෙස දන්වා ඇති බවට පළ වන පුවත් සම්පූර්ණ අසත්‍යයක් බව එම නිවේදනයේ සඳහන්.

"මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කෙරෙහි මාගේ උපරිම විශ්වාසය ඇති අතර, රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රබල ශක්තියක් ලෙස ඔහු ක්‍රියාකරයි.

IMF දූත පිරිස, නිලධාරීන් ගැන සාකච්ඡා නොකළ අතර, මහ බැංකු අධිපති කබ්රාල් මහතා ද සහභාගි වූ එම හමුවේ දී සාකච්ජාවට ලක් වූයේ මුල්‍යමය ගැටළු පිළිබඳ පමණි.

මෙවැනි අසත්‍ය සහ ව්‍යාජ වාර්තා වලින් අධෛර්යයට පත් නොවන ලෙසත්, අප රටේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ඔහුගේ සියලු වැදගත් කාර්යයන් අඛණ්ඩව ඉටුකරගෙන යන ලෙසත් මම මහ බැංකු අධිපති කබ්රාල් මහතා වෙත පෞද්ගලිකව දන්වා ඇත." යැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 March 2022 09:46