April 28, 2024

බැසිල්ගේ අණින් පොහොට්ටු ලේකම්ගේ බලාපොරොත්තුව සුන්

September 26, 2021

පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයෙන් ඉවත් කිරීම මුල් කොටගෙන පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හා ඇමතිවරුන් දෙපළක් අතර ඇති වූ ගැටුම මේ වන විට සමථයකට පත් වී තිබෙන්නේ.

ඒ අග්‍රාමාත්‍යවරයා හා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත.

ඇමති කළ ඉල්ලීම

කෙසේ වෙතත් ජගත් කුමාර මන්ත්‍රීවරයා සහ සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර එකිනෙකාට විරුද්ධව චෝදනා එල්ල කර කර ගත් අවස්ථාවේ වීරසේකර අමාත්‍යවරයා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කළා.

ඒ ජගත් කුමාර මන්ත්‍රීවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් තබන ලෙසටයි.

පොදුජන පෙරමුණේ මතභේදාත්මක ලේකම්වරයා වන සාගර කාරියවසම් මහතා ජගත් කුමාර මන්ත්‍රීවරයාට එරෙහිව විනය පරීක්ෂණයත් තැබීමට සූදානමින් වී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

පොහොට්ටු ලොක්කගෙ නියෝගය

එහෙත් එය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ නියෝගයෙන් නතර වී තිබෙනවා.

දෙදෙනා අතර එකිනෙකාට එරෙහිව අදහස් ප්‍රකාශ කර ගැනීම පක්ෂයට විරුද්ධව කරන ප්‍රකාශ නොවන බව පක්ෂ මහ ලේකම්වරයාට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ නිසා විනය පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැති බව ලේකම්වරයාට අමාත්‍යවරයා දැනුම් දී ඇති බවත් වාර්තා වනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 25 September 2021 22:30