April 27, 2024

පොහොට්ටු ලේකම් යළිත් හැපෙයි - කුහකයන් ලෙස හඳුන්වන ඇමතිවරු කවුද ?

September 27, 2021

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ඇමෙරිකානු ආයෝජනයට විරුද්ධ වන්නන්ට පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රතිචාර දක්වනවා.

යුගදනවි විදුලි බලාගාරයේ ආයෝජනයට විරුද්ධ වන්නන් කුහකයන් මිස රටට ආදරය කරන්නන් නොවන අය ලෙසයි මහ ලේකම්වරයා හඳුන්වන්නේ.

වසර දහයක් කල් ගිය වැඩක්

ඔහු එම හැඳින්වීම කරන්නේ ඊට හේතුද දක්වමින්.

මීට වසර දහයකට පෙර යුගදනවි බලාගාරය විවෘත කළ අවස්ථාවේ තිබුණු ප්‍රධාන අදහසක් වූයේ හැකි ඉක්මනින් ස්වාභාවික ගෑස් වලින් දුවන බලාගාරයක් බවට පත් කිරීම බව කාරියවසම් මහතා පෙන්වා දෙනවා.

එහෙත් වසර 10ක් පුරාවට රටක් හැටියට කර ගැනීමට නොහැකි වූ එය කරන්නට යන මේ අවස්ථාවේ ඊට විරුද්ධ වීම අනුමත කළ නොහැකි බවයි ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

පොදු ජන පෙරමුණ ලේකම්වරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් තබමින්.

අමාත්‍යවරුන්ගේ විරෝධය

මේ වන විට ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් ඇමෙරිකානු සමාගමකට දීමට අත්සන් කළ ගිවිසුම පිළිබඳව සිටින්නේ දැඩි අප්‍රසාදයකින්.

ඔවුන් ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා සමඟත් සාකච්ඡා කළද ඊට විසඳුම් ලැබී නැහැ.

යුගදනවි බලාගාරය ගිවිසුම සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරන අමාත්‍යවරුන් අතර ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 10 කින් සමන්විත කණ්ඩායම නියෝජනය කරන විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් පෙරමුණේම සිටිනවා.

මීට පෙර පොදු ජන පෙරමුණ ලේකම්වරයා එම අමාත්‍යවරුන් තිදෙනා සමග කීප වතාවක්ම ප්‍රසිද්ධියේම ගැටුම් ඇති කර ගත්තා.

යුගදනවි බලාගාරය මුල් කරගෙන පොදු ජන පෙරමුණ ලේකම්වරයා මෙවරද නම් ගම් නොකියා ප්‍රතිචාර දක්වා තිබෙන්නේ මේ අමාත්‍යවරුන් තිදෙනාට බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 September 2021 17:28

Related items