May 11, 2024

ඒ අයට ගහන එක මට පීඩනයක්: රෝහල් ගත වීමට පෙර ඇමති වාසු කියයි

වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා මේ වන විට සිටින්නේ රෝහල් ගතවය.

රෝහල් ගත වීමට පෙර අමාත්‍යවරයා සිය කිට්ටුතම කැබිනට් මණ්ඩල සගයින් දෙදෙනා වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ට ආණ්ඩුව සලකන විදිය සාධාරණ නැති බව කිව්වේ එය තමන්ටද පීඩනයක් බව සඳහන් කරමින්.

සලකන විදිය පීඩනයක්

විශේෂයෙන්ම විමල් වීරවංශ අමාත්‍යවරයා යටතේ තිබූ දිගටම පාඩු ලැබූ පොස්පේට් සමාගම ලාභ ලබන තැනකට ගෙනැවිත් තිබියදීත් ඔහුගෙන් එය ඉවත් කිරීම පොදුජන පෙරමුණේ කුඩා සන්ධානගත පක්ෂ කෙරෙහි ඇති කරන ලද පීඩනයක් බවයි නානයක්කාර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ ඇමති තුන් කට්ටුව නායකත්වය දරන පක්ෂ පොදුජන පෙරමුණ සන්ධානයේ සන්ධානගත පක්ෂ හා සංවිධාන 12කින් සමන්විත විකල්ප කණ්ඩායමේ සාමාජිකයින්ය

පොදුජන පෙරමුණ ලේකම්ගේ එළිපිට සටන

විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වන නීතිඥ සාගර කාරියවසම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඉලක්ක කොටගෙන ප්‍රසිද්ධියේම මතභේදයක් ගොඩනගාගෙන තිබෙනවා.

වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා රෝහල් ගත වීමට පෙර සිය අමාත්‍ය සගයින් දෙදෙනා ගැන ඉහත සඳහන් කරුණු හෙළිදරව් කළේ මෙම ගැටුම මුල්කොට ගෙන ඇති වී තිබෙන තත්වය පදනම් කොටගෙනයි.

වාසුට එරෙහි පිළිවෙතක් තවම නැහැ

එහෙත් තවමත් පොදු ජන පෙරමුණ ලේකම්වරයාගේ පාර්ශවය වාසුදේව නානයක්කාර අමාත්‍යවරයාට එරෙහිව ඔහුගේ සිත් රිදවෙන කිසිවක් කොට නැහැ.

ඒ නිසා නානයක්කාර අමාත්‍යවරයා සිය සිත් තැවුල හෙළි කරන්නේ සිත් තැවුලට පත්ව සිටින සිය කැබිනට් මණ්ඩල සගයින් දෙදෙනා වෙනුවෙන්.

නානයක්කාර අමාත්‍යවරයා රෝහල් ගතව සිටින්නේ කලක පටන් සැලසුම් කරන ලද ප්‍රතිකාර ගැනීමක් සදහායි.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 June 2021 16:27