May 16, 2024

පොහොට්ටු ලේකම් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන්න යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව වාර්තා වනවා. 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන් සිය මන්ත්‍රී අසුන ලබාදීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකුම කැමැත්ත පළ කර තිබෙනවා.

සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, මර්ජාන් ෆලීල් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර එම මන්ත්‍රිවරුන් වන බවටයි වාර්තා වන්නේ.

ඔවුන් සිව්දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් වනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන 06 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහුට ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය ලබාදෙනු ඇති බවට ද වාර්තා පළ වනවා.

අදාළ අමාත්‍යංශයට නාගරික සංවර්ධන අධිකාරිය හා ආයෝජන මණ්ඩලය ද එක්කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශයක් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පිහිටුවනු ඇති.

Rate this item
(0 votes)

Related items