May 17, 2024

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ භූ කම්පනයක්

ශ්‍රී ලංකාව ආසන්නයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූ චලනය නැගෙනහිර වෙරළට කිලෝමීටර් 300ක් පමණ දුරින් ඉන්දීය සාගරයේ හටගෙන ඇති බව සඳහන්.

ගැඹුරු මුහුදේ හටගෙන ඇති මෙය රිච්ටර් මාපාංකයේ සටහන් වී ඇත්තේ ඒකක 4.8ක් ලෙස යි.

මේවන විට වාර්තාවන අන්දමට මෙම භූ චලනය සිදුවී ඇත්තේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50ක් ගැඹුරින්.

මේ අතර මෙම භූ කම්පනය පිළිබඳ වාර්තා කරන අන්තර්ජාල සේවා පවසන්නේ එහි කම්පනය ආසන්න වශයෙන්‍ මඩකලපුව, කල්මුණේ, අම්පාර, එරාවූර්, ආදී නැගෙනහිර නගර කිහිපයකට දැනෙන්නට ඉඩ තිබූ බවයි.

කෙසේ වෙතත් එම ප්‍රදේශවලින් එවැන්නක් පිළිබඳ තොරතුරු තවමත් වාර්තා වන්නේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 June 2021 12:24