May 04, 2024

සයිබර් ප්‍රහාරය ගැන CERT වෙතින් අලුත් කතාවක්

රජයේ වෙබ් අඩවි රැසක් ඉලක්ක කරමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) ප්‍රතිචාර දක්වා තිබෙනවා.

රජයේ වෙබ් අඩවි වෙත කිසිදු සයිබර් ප්‍රහාරයක් එල්ලවී නොමැති බවයි එම සංසදය පවසන්නේ.

සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට සිටියේ සයිබර් ප්‍රහාරය පිළිබඳ වාර්තා අසත්‍ය බවයි.

අදාළ වෙබ් අඩවිවල ඇතුළත් තොරතුරුවල කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් එම වෙබ් අඩවිවල තාක්ෂණික දෝෂයක් පමණක් සිදුව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නියෝජනය කරමින් එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා අද උදෑසන නිවේදනයක් නිකුත් කළේ ජනාධිපති කාර්යාල වෙබ් අඩවිය ඇතුළු රාජ්‍ය වෙබ්අඩවි රැසක් දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවට යි.

විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය ආදී වෙබ් අඩවි රැසකට මෙම දැවැන්ත ප්‍රහාරය එල්ල වී ඇති බව එහි දැක්වුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 June 2021 16:05