May 05, 2024

ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන වෙබ් අඩවි පෙළකට සයිබර් ප්‍රහාරයක්

රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇති වෙබ් අඩවි ගණන 04ක්.

කිසියම් කණ්ඩායමක් එම වෙබ් අඩවි විකෘති කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලිබල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිවල දත්ත මෙලෙස විකෘති කර තිබෙනවා.

මෙම ප්‍රහාරය පිළිබඳ අද (18) අලුයම හඳුනාගත් බවයි ඔහු සඳහන් ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩල වෙබ් අඩවි මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව සඳහන්.

මෙහිදී අදාළ වෙබ් අඩවිවල දත්ත සොරා ගැනීමක් සිදුව නොමැති බවත් දත්ත විකෘති කිරීමක් පමණක් සිදු කර ඇති බවත් වාර්තා වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 May 2021 10:50