May 04, 2024

රජයේ අංශ රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්! ප්‍රහාරය ගැන කලින් දැනුවත් කරලා!!

රජයේ වෙබ් අඩවි රැසක් ඉලක්ක කරමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පවසන්නේ ජනාධිපති කාර්යාල වෙබ් අඩවිය ද ඒ අතරවන බවයි.

ඊට අමතරව විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය ආදී වෙබ් අඩවි රැසකට මෙම දැවැන්ත ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කර මෙවන් සයිබර් ප්‍රහාර එල්ල විය හැකි බවට තම සංගමය පෙන්වා දුන්  බව යි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවීම මත මෙම තත්ත්වය උදා වූ බව ඔහු වැඩිදුරටත් පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වෙබ් අඩවිය ද පසුගිය දෙවැනි දා සයිබර් ප්‍රහාරයකට ලක් වුණු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට පෙර ප්‍රකාශ කොට තිබුණා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිකුත් කළ නිවේදනය පහතින්..

Rate this item
(0 votes)
Last modified on Friday, 04 June 2021 12:10