May 04, 2024

සජිත් පිලේ ප්‍රබලයෙකුට සයිබර් ප්‍රහාරයක් Featured

තිස්ස අත්තනායක මහතාගේ ෆේස්බුක් ගිණුමට අනවසරයෙන් ඇතුල් වී ප්‍රහාරයක් එල්ල කොට ඇති බැව් වාර්තා වනවා.

සමගි ජන බලවේග ජාතික සංවිධායකවරයාද වන අත්තනායක මහතාගෙන් මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකදී ඔහු ඒ පුවත සත්‍යයක් බවට තහවුරු කලා.

අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක්

මේ සම්බන්ධයෙන් තමා මේ වන විටත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අංශය වෙත පැමිණිල්ලක් කොට තිබෙන බවද අත්තනායක මහතා සඳහන් කරනවා.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව සඳහන් කරන අත්තනායක මහතා මෙතෙක් සිදුකළ පරීක්ෂණ වලදී සොයාගෙන තිබෙන්නේ එය දකුණු කොරියාවේ සිට එල්ල කළ ප්‍රහාරයක් බවටයි.

පරීක්ෂණ දිගටම

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බැවින් වැඩිදුර තොරතුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

මෙම සයිබර් ප්‍රහාරයට ලක්වූ ගිණුම යථා තත්වයට පත් කිරීම සදහා ක්‍රියාකළ ආයතනවලට සහ එම කර්තව්‍යයට සහභාගී වූ සියලු දෙනාට සිය ස්තූතිය පුද කරන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 July 2021 07:45