May 04, 2024

මහින්දගේ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවිය වෙත හැකර් ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වෙනවා.


මෙය සිදු වී ඇත්තේ ඊයේ දිනයේ දී යි.


ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඔවුන් පවසන්නේ  පවසන්නේ අග්‍රාමාත්‍යවරයාගේ නිල වෙබ් අඩවියවන www.mahindarajapaksa.lk  මෙලෙස හැකර් ග්‍රහණයට ලක්ව තිබු අයුරු නිරීක්ෂණය වූ බවයි.


අග්‍රාමාත්‍යවරයාගේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමේ දී එය තවත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීම මෙහි දී සිදු වූ බවත් එම ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධ අන්තර්ගතයක් පැවැති බවත් සඳහන්.


ඒ හරහා තවත් වෙබ් පිටු කීපයක් වෙත යා හැකි සබැඳි ද තිබූ බවයි වාර්තා වන්නේ.


එම පිටු තුලට පිවිසීමේදී පරිගණක දත්ත සොරා ගැනීම සඳහා වන මෘදුකාංග කිහිපයක් ස්වයංක්‍රියව බාගත වන ලෙස නිර්මාණය කර තිබු අයුරු ද නිරීක්ෂණය වූ බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 June 2021 12:39