May 19, 2024

"මේ වැදුනේ පාලකයින්ගේ සාපයද?" නැවට එරෙහිව කාදිනල් හිමි නඩු මගට! (VIDEO)

මේවන විට මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට ධීවර කර්මාන්තය විනාශ වී ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ අද (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී.

මෙම නෞකාව හිමි සමාගමට එරෙහිව සියළු ධීවර සංගම් එක්ව නඩු මගට පිවිසිය යුතු බවත්, ඒ සඳහා තමන්වහන්සේ නායකත්වය ලබා දෙන බවත් උන්වහන්සේ සඳහන් කළා.

නෞකාව ගිනිගන්නා බවට හඳුණාගත් අවස්ථාවේ සිට නිසි වේලාවට නිසි පියවර ගැනීමට පාලකයින් කටයුතු නොකළ බවත්, එම නිසා පරිසරය සහ මත්ස්‍ය සම්පත සියල්ල විනාශ වී ඇති බවත්, එවැනි විනාශයකින් පසුව පාලකයන් “සුදුළූණු පොඩිකරන” බවත් උන්වහන්සේ ප්‍රකාශ කොට සිටියා.

උන්වහන්සේ අවධාරණය කළේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට නොහැකි බවයි.

වත්මන් පාලකයින්ගේ කටයුතු පිළිබඳව සොබාදහම ද උරණ වී රට වෙත සාපයක් වැදී ඇත්දැයි තමන්වහන්සේට සිතෙන බව ද කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 June 2021 20:00

Related items