May 07, 2024

හිඟයක කතාවත් සමග ලුණු මිල වෙනස් වෙයි

වෙළඳපොළේ ලුණු මිලෙහි වෙනසක් සිදු කිරීමට ඊයේ (01) තීරණය වී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික ලුණු නිෂ්පාදකයන් සමග එක්ව ලුණු මිල පහත හෙළන බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.

ඉදිරි වසරක කාලයක් සඳහා මෙම මිල පහත හෙළීම බලපැවැත්වෙනු ඇති.

මෙම මිල වෙනසට අනුව කැට ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 43ක මිලකට ද, ලුණු කුඩු ග්‍රෑම් හාරසියයක් රුපියල් 35ක මිලකට ද සතොස හරහා පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු සලසා ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.

විවිධ පාර්ශ්වයන් ගෙනයන මතවාදයන්ගේ කිසිදු සත්‍යතාවක් නැති බව ද මෙරට පරිභෝජනයට අවශ්‍ය ධාරිතාවට වඩා අතිරික්ත ලුණු ප්‍රමාණයක් තිබෙන බව ද පරිභෝජනයට සුදුසු ලුණු නිෂ්පාදන ක්‍රියාවලියක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නා.

එම නිසා කිසිදු හිඟයකින් තොරව ඉදිරි වසරක් සඳහා මෙරට පරිභෝජනයට අවශ්‍ය ලුණු පවතින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

මීට අමතරව තවත් වසරක් සඳහා ලුණු නිෂ්පාදනයට අවශ්‍ය වන මුහුදු ජලය ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාජනය කෙරෙමින් පවතින බවත් එය අවම වශයෙන් මාස 06ක් ඉක්මවන ක්‍රියාවලියක් බවත් ඔහු අවධාරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 June 2021 08:44