May 06, 2024

ලුණු සමාගමේ සභාපතිට මරණ තර්ජන (VIDEO)

හම්බන්තොට නගරාධිපතිවරයා විසින් තමන්ට මරණ තර්ජන සහ බියවැද්දීම් කළ බවට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරන මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද භාර දුන්නා.

සභාපතිවරයා ලෙස තමාට කිසිවෙකුට බයේ පැන යාමට අයිතියක් නැති බවද ඔහු පවසනවා.

තමා උත්තරීතර මරණයක් සඳහා සූදානම් බවත් හම්බන්තොට පොලිසිය මඟින් මෙලෙස නොකෙරෙන රාජකාරිය කාගේ උවමනාවක් මත සිදු වන්නේ දැයි තමාට ගැටළුවක් බවද සඳබරන මහතා සඳහන් කරනවා.

පසුගියදා හම්බන්තොට ලුණු සමාගමේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් සිදු කළ සත්‍යග්‍රහය අතරතුරදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

පාලක මණ්ඩලයේ වැටුප් වැඩි කර ගැනීම හා හම්බන්තොට අවට ව්‍යාපාරිකයින්ගේ ලුණු පංගු කපා ඉවත් කිරිමට විරෝධය පළ කරමින් ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් මහ ලේවායේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කළේ පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදායි. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 January 2022 18:16