May 18, 2024

දින 3ට වාහන 50,000ක් - මධ්‍යම අධිවේගීයේ අදායම ලක්ෂ 100 පනී

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඇතුගල්පුර පිවිසුම ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පලමු දින 03 තුල මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස තුල වාහන පනස් දහසක් ධාවනය කිරීමෙන් රුපියල් ලක්ෂ සියයක ආදායමක් උපයා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.

පසුගිය 15 වනදා මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පලමු පැය 12 තුල ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.

16 වනදා දහවල් 12.00 පසුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරීම ආරම්භ කෙරිණි. 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 17 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා වාහන 23,039 ක් මෙම මාර්ගයේ ධාවනය වූ අතර එය මෙම දින තුන තුල ධාවනය වූ වැඩිම වාහන සංඛ්‍යාව එය වේ. එදින රු 4,865,500.00 ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මීරිගම , නාකලගමුව , දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථාන වල මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටසේ අන්තර්හුවමාරු මධ්‍යස්ථාන පිහිටා තිබෙනවා.

Rate this item
(1 Vote)