May 19, 2024

මධ්‍යම අධිවේගයේ දෙවන කොටස නොවැම්බර් 15 ජනතා අයිතියට

September 12, 2021

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මස 15 වෙනිදා ජනතා අයිතියට පත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටසට ඇතුළත් වන්නේ මීරිගම සිට කුරුණෑගල දක්වාවු ප්‍රදේශයයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මෙයට මාස නවයකට පෙර නිම කිරීමට නියමිතව තිබුණද කොන්ත්‍රාත්කරුවන් ඉවත් කිරීමට සිදුවීම නිසා සිදුවූ ක්‍රියාදාමයෙන් එහි ප්‍රමාදයක් ඇතිවූ බව ඇමැතිවරයා පැවසුවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ අදහස් පැවසුවේ තිරසාර පරිසර කළමණාකරණය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රට පුරා මාර්ග දෙපස පැල දස ලක්ෂයක් සිටවීමේ හරිත ව්‍යාපෘතිය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන අදියරේ රුක් රෝපණය කිරිමේ වැඩසටහනට එක්වෙමිණි.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේද අදහස් පළ කළා.

"මධ්‍යම අධිවේගී මාර්ගය අපට අවසන් කරන්න තිබුනේ මීට මාස නවයකට දහයකට කලින්. නමුත් කලින් පැවති යහපාලන රජය ඔවුන්ගේ යාළු මිත්‍රයන්ට ඇමතිවරුන්ට අයත් සමාගම් වලට කොන්ත්‍රාත් ලබාදීම හරහා තමයි මෙය සම්පූර්ණයෙන් ප්‍රමාද වුණේ. එහෙම වුණේ නැත්තම් මේ රටේ ජනතාවට මීට මාස 10කට පමන පෙර සිට මධ්‍යම අධිවේගී මාර්ගය පාවිච්චි කරන්න තිබුණා. ඒ නිසා අපිට සිද්ධ වුණා කැබිනට් එකට මගීන් වැඩ නොකරන කොන්ත්‍රාත්කරුවන්ව අවලංගු කරලා, උසාවි ගොස් උසාවියේ දී උන පොදු එකඟතාවයකින් නොවැම්බර් මාසෙ 15 වෙද්දි මේ අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කරන්න. ජනතාවට කියනවා අපි නිවැරදි තීන්දු තීරණ ගන්නෙ කියලා. අපි දේශපාලන පලිගැනීම් කරන්න ගියේ නැහැ. අපි දේශපාලන පලිගැනීම් කලා නම් මේ වැරදි කරපු අය මේ වෙද්දි ඉන්න ඕනි හිර ගෙවල් වල. අපිට අවශ්‍ය මේ රට සංවර්ධනය කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළ මේ රට ඉදිරියට ගෙන යාම විතරයි අපගේ එකම බලාපොරොත්තුව. ඒ නිසා නොවැම්බර් මස 15 වෙද්දි සම්පූර්ණයෙන්ම මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය වැඩනිම කරලා එය මහජනතාව විවෘත කරන්න මම බලාපොරොත්තු වෙනවා.

මෙම වැඩසටහෙනන් අනතුරුව හදිසි නීතිය යොදා ගෙන ආණ්ඩුව මර්ධන ව්‍යපාරයක් කරගෙන යන බවට විපක්ෂය චෝදනා කිරීම පිළිබද මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා,.

"ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ විධායක ජනාධිපති ක්‍රමය හරහා මර්ධනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එදා මැතිවරණ වේදිකාවේ දී එතුමාට එල්ල වුණු චෝදනාව තමයි මිනිස්සුන්ව මරලා කිඹුලන්ට කන්න දෙන නායකයෙක් කියලා. ඒවා අමූලික බොරු. මේ හදිසි නීති ගෙනල්ලා තියෙන්නේ මුළු ලෝකයම කොවිඩ් වසංගතයකට මුහුණු දුන් වෙලාවක අපේ රටේ කළු කඩකාරයන් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට අරගෙන අධික මිල ගණන් වලට භාණ්ඩ විකිණීම නිසා තමයි මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මර්දනයකට නෙවෙයි මේ හදිස්සි නීතිය ගෙනත් තියෙන්නේ මිනිස්සුන්ට අඩුමිලකට භාණ්ඩ ලබා දෙන වැඩපිළිවෙළට තමයි මේ හදිසි නීතිය ගෙනල්ලා තියෙන්නේ. මිනිස්සුන්ගේ බඩගින්න නිවාගන්න අඩු මිලකට භාණ්ඩ ලබාදෙන්න පුළුවන් යුගයක් මේ කාල පරිච්ඡේදය තුළ නිර්මාණය කරන්න තමයි මේ හදිස්සි නීතිය ගෙනත් තියෙන්නේ, නැතුව වෙන දෙයකට නෙමෙයි. ඔය වගේ චෝදනා විපක්ෂය එල්ල කරන්නනේ මේ අවස්ථාවෙත් දේශපාලනය බලය ලබා ගන්න මතයක් ගොඩනගලා ආණ්ඩු පෙරලන්න පුළුවන් වෙයි කියලා බලාගෙන ඉන්න සමහර අය තමයි මේ චෝදනාව කරන්නේ. අකමැත්තෙන් උනත් හදිසි නීතිය ගෙනල්ලා මේවා පාලනය කරගන්න අවශ්‍යයි. මේවා පාලනය නොකෙරුවොත් මිනිස්සු ගසා කන යුගයක් ආරම්භ වෙනවා . ඒක අපි පසුගිය දින වල දී අත්දැක්කා . අධික මිල ගණන් ගණන් වලට භාණ්ඩ විකුණුවා . අධික මිල ගණන් වලට සීනි විකුණපු නිසා තමයි සීනි වල බද්ද අඩු කළේ. සීනි වල බද්ද සත විසි පහකට අඩු කෙරුවෙ ජනතාවට අඩු මිලට සීනි ලබාදෙන්න. එදා විපක්ෂය රජයට පහර දුන්නා සීනි බදු අඩුකරලා හොරකම් කළා කියලා. ඒගොල්ලන්ගේ කාලෙත් ඔහොම අඩු කෙරුවා. ඕක අළුත් දෙයක් නෙවෙයි. ලෝක වෙළෙඳ පොළේ සීනි මිල වැඩිවෙද්දි බදු අඩු කරනවා. ලෝක වෙළද පොලේ සීනි මිළ අඩු වෙනකොට බදු වැඩි කරලා ඒ ආදායමෙන් ජනතාවට සහන ලබාදෙනවා. ඒ ලැබෙන මුදල්වලින් රටේ සංවර්ධනය වැඩි කරනවා. එදත් විපක්ෂය මඩ ගැහුවා. අදත් විපක්ෂය මඩ ගහනවා." 

අද අපි කරන්නෙත් අධික ලෙස සීනි මිල, සහල් මිල ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩි උනාම මිල පාලනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්ත එක. එහෙම තීන්දු ගන්න බැරිනම් ආණ්ඩුවක් මොකටද. ජනාධිපතිවරයෙක් මොකටද. ආණ්ඩුව නිවැරදි වෙලාවට තීන්දු අරගෙන තියනවා. ඒනිසා විපක්ෂයට කියනවා ඔබතුමන්ලා කරන දේවල් මේ රටේ මිනිස්සු දන්නවා කියලා. මේ රටේ අහිංසක ගුරුවරු ටික පෙළබෙව්වා. ඔවුන් අතරට විපක්ෂයේ කණ්ඩායම් යොදවලා ඔවුන්ව පාරට බස්සලා මිනිසුන් මරණ යුගයක් විපක්ෂය නිර්මාණය කලා. කොවිඩ් මර්ධන වැඩපිළිවෙල යටෙත් හොදම රටවල් දහය අතර මේ රට ගෙනෙද්දී, ඔවුන් බලාපොරොත්තු උනේ මේ රටේ මිනිසුන් ටික කොහොමද මරාගන්නෙ කියලා. ඔවුන් ඒ දෙය කලා. ඒ වෙලාවේ හදිසි නීතිය ගෙනල්ලා උද්ඝෝෂණ සියල්ල මර්ධනය කලා නම් ඔවුන් මොනවද කියන්නේ. හැබැයි ඒ වෙලාවේදී ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී විදියට උද්ඝෝෂණ නොකල යුතු කාලයක උද්ඝෝෂණ දියත් කරලා මේ රටේ ජනතාවට කොවිඩ් බෝ කෙරුවා."යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 September 2021 09:15

Related items