May 17, 2024

උසස්පෙළ සමතුන් වෙත පණිවිඩයක්

අද එනම් මැයි 21 දින සිට 2020/2021 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවාගැනීම සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹුණා.

මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යි.

මේ සඳහා අයදුම්පත් භාර ගැනීම සිදුවන්නේ අන්තර්ජාලය හරහා යි.

ඒ අනුව පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල නිකුත් කළ දරුවන් සිය අයදුම්පත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත අන්තර්ජාලය ඔස්සේ යොමුකළ යුතු වනවා.

මෙහි දී සිසුන් විසින් පුරවන ලද පෝරමයේ ඡායාරූපයක් ගෙන එය අත්සන් තබා සහතික කර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන ශිෂ්‍ය අත්පොත ද අද දින සිට නිකුත් කරන බව ද ඔහු දැනුම් දෙනවා.

එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ද අදාළ ශිෂ්‍ය අත්පොත භාගත කර ගත හැකි බව එම කොමිෂන් සභාව පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 May 2021 19:45