May 17, 2024

අලුත් විශ්වවිද්‍යාල 3ක් - හෙදියන්ට සහ ගුරුවරුන්ටත් උපාධි Featured

තවත් විශ්වවිද්‍යාල 03ක් ජාතික මට්ටමින් ප්‍රකාශයට පත් කිරීමට රජය සූදානම්වනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව තහවුරු කළා.

ඒ අනුව මෙතෙක් කල් යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධව පවත්වාගෙන ගිය වව්නියා මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස වෙනම විශ්වවිද්‍යාලයක් බවට ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.

එමෙන්ම දිවයින පුරා පවතින හෙද විද්‍යාල එකතුව හෙද විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට ද සූදානම් කොට තිබෙනවා.

එමගින් හෙද උපාධිය පිරිනැමීමට ද නියමිත යි.

තව ද රට පුරා විසිරී පවතින ජාතික අධ්‍යාපව විද්‍යා පීඨ සමූහය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට යි සැළසුම් කොට ඇත්තේ.

එමගින් විද්‍යා පීඨ ගුරු උපාධිය පිරිනැමීමට සූදානම් බව පැවසෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 30 May 2021 12:00