April 28, 2024

පාතාලයේ ප්‍රකට 'ඌරුජුවා' ආයුධ පෙන්වන්න රැගෙන ගොස් නොඑන ගමනේ

ඌරු ජුවා නමින් හැඳින්වෙන ප්‍රකට පාතාල සාමාජිකයා පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබෙනවා.

ඌරු ජුවා හෙවත් දිනිති මෙලන් මාඹුල යනු පාතාල නායකයෙකුව සිටි රණාලේ සමයංගේ ප්‍රධාන ගෝලයෙකු ලෙසයි සැලකෙන්නේ.

මොහු කප්පම් ගැනීම් සහ මිනිස් ඝාතන රැසකට චෝදනා ලැබ සිටියා.

ඌරු ජුවා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නවගමුව වඳුරම්මුල්ල ප්‍රදේශයේදීයි.

පොලිස් අත්අඩංගුවට පත්ව සිටි ඌරු ජුවා, රණාලේ සමයංට අයත්ව තිබූ බව කියන වඳුරම්මුල්ලේ පිහිටි පාළු ගෙයක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගොස් තිබුණා.

එහි තිබී අත්බෝම්බ 5ක් සොයාගෙන ඇති අතර 6 වන අත්බෝම්බය රැගෙන පොලිස් නිලධාරීන්ට එල්ල කිරීමට උත්සහ කළ අවස්ථාවේදී සිය නිලධාරීන් ඌරු ජුවාට වෙඩි තබා ඇති බව පොලීසිය පවසනවා.

ඔහු එහිදී ජීවිතක්ෂයට පත්වූ බව සඳහන්.

පසුව කළ සෝදිසි මෙහෙයුමකදී අදාළ පාළු නිවසේ තිබී ගල් කටස් තුවක්කු කිහිපයක් සහ කඩු 3ක් සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

ඌරු ජුවා හෙවත් දිනිති මෙලන් මාඹුල 1994 වසරේදී උපත ලබා ඇති අතර ඔහු පසු වූයේ 27වැනි වියේ යි.

කප්පම් ගැනීම් සහ පුද්ගල ඝාතනවලට ඍජුවම සම්බන්ධ ඔහු නිසා කඩුවෙල, නවගමුව, රණාල, ඇඹුල්ගම, දැඩිගමුව, ජල්තර ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව බියෙන් ඇළලී සිටි බව වාර්තා වෙනවා.



Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 07:34

Related items