May 03, 2024

විජයදාසගේ පුත් රඛිතගෙන් ජනපතිට, අගමැතිට අනතුරු ඇඟවීමක්

ඉන්දියාවේ ඇතිව තිබෙන කොවිඩ් අවදානම පෙන්වා දෙමින් මෙරටද කොවිඩ් අවදානමක් ඇතිවිය හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

"අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම මේ රටේ පාලකයන්ගේ පුරුද්ද වුවද, මෙවර බිලි වුවහොත් බිලිවන්නේ ලක්ෂ සංක්යාත ලාංකික ජීවිතයි. " යැයිද ඒ පිළිබද ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ අවධානය යොමු විය යුතු බවටද සිය ෆේස්බුක් සටහන මගින් පෙන්වා දී තිබේ.

පසුගියදා රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු රඛිත රාජපක්ෂ මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ද පසුගියදා නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් හේතුවෙන් ආණ්ඩුව තුලද මතභේදාත්මක තත්වයක් නිර්මාණය විය. එම ප්‍රකාශයෙන් පසු තමන්ට ජනාධිපතිවරයා දැඩි ලෙස දෝෂාරෝපණය කළ බව පසු දිනම විජේදාස මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මෙවැනි වාතාවරණයක් තුළ සිය ෆේස්බුක් පිටුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට අවදානය යොමු කරන්නැයි ඉල්ලමින් රඛිත රාජපක්ෂ මහතා සටහනක් තැබීම කාගේත් අවධානයට යොමු වූ කරුණකි.

එම ෆේස්බුක් සටහන පහතින්,

----උපුටා ගැනීම----

අද ඉන්දියාව කොවිඩ් මරණවලින් ගිනිගෙන දැවෙන රටකි. ඔක්සිජන් හිඟයෙන්ද, රෝහල් පිරි ඉතිරිමෙන්ද ඒ මරණ සංක්යාව සීග්රයෙන් ඉහල යමින් පවතී. රථවාහන අංග අද ගිනිගෙන දැවෙන දර සැ වේ.
ජනපති පවසන අන්දමටම එකම විසඳුම එන්නත්කරණයයි.
එහෙත් අදටත් එන්නත් ආනයනය කිරීම පෞද්ගලික ආයතනවලට හෝ පෞද්ගලික රෝහල්වලට අනුමත කර නොමැත.
කොවිඩ් භාර ඇමතිනිය කි පරිදි ලංකාවේ ICU ඇඳන් පිරි ඉතිරි ගොස් හමාරය.
අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම මේ රටේ පාලකයන්ගේ පුරුද්ද වුවද, මෙවර බිලි වුවහොත් බිලිවන්නේ ලක්ෂ සංක්යාත ලාංකික ජීවිතයි. එම නිසා මේ මොහොතේ තාර්කික සහ ප්රායෝගික ක්රියාව හැකි උපරිම වශයෙන් එන්නත් තොග ලංකාවට ගෙන ඒමයි.
ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, ඔබේ අවදානයටයි.
Gotabaya Rajapaksa
Mahinda Rajapaksha
----උපුටා ගැනීම අවසන්------
Rate this item
(1 Vote)
Last modified on Tuesday, 27 April 2021 13:06

Related items