April 28, 2024

දැන් තියෙන්නෙ ඉන්න හිතෙන රටක් නොව දාලා යන්න හිතෙන රටක්: විජයදාස කෙලින්ම කියයි

November 15, 2021

දැන් තිබෙන්නේ ඉන්න හිතෙන රටක් නොව දාලා යන්න හිතෙන රටක් බව ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අය - වැය විවාදයට එක්වෙමින් පෙන්වා දෙනවා.

එදා තාප්පවල චිත්‍ර ඇන්ද කොල්ලෝ කෙල්ලෝ අද පාස්පෝට් පෝලිමේ සිටින්නේ ඒ නිසා බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා දිනකට 20, 000 පමණ පිරිසක් එසේ පාස්පෝට් පෝලිමේ සිටින බවද සදහන් කළා.

පාර්ලිමේන්තුවේ වගකීම

ටික කලක් නිහඬතාවය රැකී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රාජපක්ෂ මහතා ඔහුට කතා කිරීමට ලැබුණු ඉතා කෙටි වේලාව තුළ රටේ සම්පත් විදේශීය රටවලට විකිණීම නවතන ලෙසත් , එසේ විකුණන ලද සම්පත් යළි රටට ලබා ගැනීම පිළිබඳව පක්ෂ භේදයෙන් තොරව කටයුතු කිරීමේ ඇති අවශ්‍යතාවය සභාවට පෙන්වා දුන්නේ එහි වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225ට බව මතක් කර දෙමින්.

ජාතික සම්පත් මෙසේ විදේශිකයන්ට විකුණා දැමීමෙන් පසු ඉතිරි වන්නේ කුමක්දැයි යන්නද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.

ඇමරිකාවට තිබෙන ස්වාධීපත්‍ය මෙන්ම අභිමානය අබමල් රේණුවක අඩු පාඩුවකින් තොරව ශ්‍රී ලංකාවටද තිබෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මුතුන් මිත්තන් රැකදුන් මේ රට ඉදිරි පරම්පරාවටත් රැක දෙන ලෙස ඉල්ලීමක් කළා.

එක පුද්ගලයකුගේ ණය

මේ රටේ සෑම පුරවැසියෙකුම අද රු.9,50,000 කට විදෙස් රට වලට උගස් කොට ඇති බවයි.

ඒ රු. බිලියන 21,000 ක ණය කන්දරාව මත බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මහනාහිමිවරු , කාදිනල් උන් වහන්සේගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සිට එහි සුළු සේවකයා දක්වා ඇතුළු සෑම පුද්ගලයෙකු මෙසේ රු. 9,50,000 කට උගස් කොට ඇති බවයි මන්ත්‍රීවරයා අනාවරණය කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 15 November 2021 15:57

Related items