May 17, 2024

මන්ත්‍රී විජයදාසගේ පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ රාත්‍රීයේ රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙනි.

එම අනතුර හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

රාජගිරිය ගුවන් පාළම අසල දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් ගත් මෝටර් රථයක් සහ බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට ඇතුළත් කළ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

Rate this item
(1 Vote)

Related items