May 17, 2024

ඇමති රත්තරන් මහා දාර්ශනිකයෙක්, ආර්ථික විශේෂඥයෙක්, නීති විශාරදයෙක් - විජේදාස රාජපක්ෂ

රෝහිත අබේගුණවර්ධන කියන මහා දාර්ශනිකයා, ආර්ථික විශේෂඥයා, නීති විශාරදයා කියන දේවල් වලට පිළිතුරු දීමට යාම බොළද වැඩක් බව විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

වරාය විෂය භාර රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා විසින් තමන් සම්බන්ධයෙන් කර තිබෙන ප්‍රකාශයකට පිළිතුරු දෙමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බැව් සඳහන් කරයි.

විජයදාස රාජපක්ෂ මහතා රෑට රෑට හීන දකින බවත් ඒ හීන සැබෑ කර ගැනීමට ගොඩනැගෙන රට විනාස කරන බවට රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු දෙමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මේම කරුණු හෙළි කරන ලදී.

රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා මෙන්ම විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාද පාලක පොදුජන පෙරමුණ නියෝජනය කිරීම විශේෂත්වයකි.

වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වනවිට කර තිබෙන හෙළිදරව් මත ආණ්ඩුව යම් අපහසුතාවයකට පත්ව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 April 2021 14:42

Related items