May 17, 2024

(EXCLUSIVE) විනය ක්‍රියාමාර්ග ගැන විජේදාස පිළිතුරු දෙයි: බලමු, රටේ නීතියකුත් තියෙනවානේ

තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම පොදුජන පෙරමුණට තිබෙන අයිතියක් බව ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි.

රටේ නීතියකුත් තිබෙන නිසා ඒ ගැනත් බලමු යැයිද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ අදහස් පල කලේ පෝට් සිටි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජය විවේචනය කරමින් චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ජනපතිවරයාට ඡන්දය දුන් ලක්ෂ 69 ජනවරමට ද්‍රෝහී වී ආණ්ඩුව තීන්දු තීරණ ගන්නා බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඒ ලක්ෂ 69 අභිලාෂයන් වෙනුවෙන් කවුරු සහයෝගය දුන්නත් නැතත් තමන් ඒ වෙනුවෙන් නැගී සිටින බවද අවධාරණය කරයි.

ඒ අරමුණ උදෙසා ඕනෑම ජගතෙකුට එරෙහිව තමන් සටන් කරන බවත් ඒ සඳහා තමන්ට ශක්තිය තිබෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කරන ලදී.

පක්ෂයක් තුළ විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක් තිබෙන බැවින් ඊට අනුකූලව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

සිංහල - හින්දු අලුත් අවුරුද්දට පසුදින නාරාහේන්පිට අභයාරාමයේදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පෝට් සිටි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතභේදාත්මක කරුණු රැසක් ඉදිරිපත් කරන ලදී.

ඉන් පසුව යළිත් වතාවක් සිය නිවසේදී තවත් මාධ්‍ය හමුවක් තබමින් කමන් අභයාරාමයේදී හෙළිදරව් කළ කරුණු පදනම් කොට ජනපතිවරයා තමාට ද්වේශ සහගතව පහත් වචනයෙන් දුරකතනයෙන් බැන වැදුණු බවත් තමන්ද ජනපතිවරයාට ඒ භාෂාවෙන්ම පිළිතුරු දුන් බවද මන්ත්‍රීවරයා හෙළිදරව් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 April 2021 09:54

Related items