May 17, 2024

"ජනාධිපති මට පහත් ලෙස කතා කළා" - විජයදාසගෙන් ආණ්ඩුව ගැන තවත් විශේෂ හෙළිදරව්වක් (VIDEO)

අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අමතා ඉතා පහත් ලෙස කතා කළ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මෙම අනාවරණය සිදු කළේය.

ජනාධිපතිවරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලීව පහත් ලෙස තමන්ට ඇමතු බවද තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තම දරු පවුල ගැන බියක් ඇති බවද එනිසා මෙලෙස මාධ්‍යයට මේ පිළිබඳ ප්‍රකාශ කිරීමට තීරණය කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

"රට වෙනුවෙන් මේ රටේ මිනිස්සු වෙනුවෙන් හැමදාම බෙල්ල තියපු අපි මේ විදිහටනම් ආණ්ඩුව රාජ්‍ය නායකයා සලකන්නේ අපි ජීවිතවල වගකීම මේ රටේ ජනතාවට බාර ගන්න කියලා කියනවා." යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

නිවසේ පැවැත්වූ මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)

Related items