May 17, 2024

විජයදාස රාජපක්ෂ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයි - නිවසේ සිට සියල්ල අනාවරණය කරයි (VIDEO)

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා අද(16) සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා විශේෂ අනාවරණයක් සිදු කර තිබේ.

එම මාධ්‍ය හමුවි මන්ත්‍රීවරයාගේ සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් ලෙස මුදා හැර ඇත.

අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට අමතා ඉතා පහත් ලෙස චෝදනා එල්ල කළ බව ඔහු එහිදී පැවසීය.

ඊයේ(15) නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවිමින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ අනාවරණයක් සිදු කරමින් ආණ්ඩුව පිළීබඳ දැඩි විවේචනයක් එල්ල කළේය.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ද සහභාගී වී වූ අතර එහිදී මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේය.

Rate this item
(0 votes)

Related items