May 17, 2024

ගෝඨාභය ආණ්ඩුවේ ආයුෂ ගැන විජේදාසගේ අනාවැකිය

සිංහල - හින්දු අලුත් අවුරුද්දේ උණුසුම යාමටත් මත්තෙන් මතභේදාත්මක මාධ්‍ය සාකච්ඡාවක් තැබූ පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා එහිදී තමන්ද නියෝජනය කරන ආණ්ඩුවේ ආයු කාලය පිළිබඳව අනාවැකියක්ද ප්‍රකාශ කරන ලදී.

සිංහල - හින්දු අලුත් අවුරුදු දිනට පසු දින නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැත්වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වත්මන් ආණ්ඩුව වසර දෙකක් යාමටත් මත්තෙන්ම බැසිල් රාජපක්ෂ මහතා විසින් විනාශ කර දමන බවට අනාවැකියක් විජයදාස රාජපක්ෂ මහතා විසින් එහිදී මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරන ලදී.

2010 දී වසර 6කට පසුව මහින්ද රාජපක්ෂ මහතාව වසර 4න් බලයෙන් පහ කිරීමට කටයුතු කළේද බැසිල් රාජපක්ෂ මහතා බවට හෙළිදරව්වක් කරන විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද වසර 2ක් යන විට බලය අහිමි කරන තැනට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බවද පෙන්වා දෙයි.

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටද වැඩක් කිරීමට නොදී කොන් කොට තිබෙන බවද එම මාධ්‍ය සාකච්ඡාවේදී රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනාගේම දරුවන් ජීවත්වන්නේ ඇමරිකාවේ බව පෙන්වා පෙන්වාදුන් රාජපක්ෂ මන්ත්‍රීවරයා යම් දිනක මේ දෙපළගේ දේශපාලන පරාජයෙන් පසු ඔවුන් මේ රටේ ජීවත් වන්නේ නැති බවද ඔවුන් විසින් ගන්නා ලබන තීරණවල වන්දිය මේ රටේ ජීවත්වෙන පුරවැසියන්ට ගෙවීමට සිදුවන බවද පෙන්වා දෙයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට දැඩි මහින්ද රාජපක්ෂ හිතවාදියකු වන නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද සහභාගි වීම විශේෂත්වයකි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී තමන්ද නියෝජනය කරන ආණ්ඩුවේ වැඩපිළිවෙළ මෙන්ම ආණ්ඩුව තුළ සිදුවන වංචා හා දූෂණ පිළිබඳවද සී විවේචනයන් ඉදිරිපත් කළ රාජපක්ෂ මන්ත්‍රීවරයා වරාය නගරය හරහා ශ්‍රී ලංකාව චීන කොලනියක් වීමේ අවදානමද පෙන්වා දෙන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 18 April 2021 08:31

Related items