May 17, 2024

අවුරුද්දෙන් පසු පළමු බෝම්බය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පත්තු කරයි

"මේ ආණ්ඩුව වංචාව පිටුදකිනවා කිව්වට කොහෙද පිටු දැකල තියෙන්නෙ" යයි ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.

විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉහත ප්‍රශ්න කිරීමට පසුබිම් වූ කාරණා ගණනාවක්ම විශේෂ මාධ්‍ය හමුවක් තබමින් හෙළිදරව් කර තිබේ.

එම මාධ්‍ය හමුවේ දී විශේෂයෙන් රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විවිධ කාලයන්හි විවිධ තනතුරු දරද්දී රටට සිදුව තිබෙන පාඩු ගණන් හිලව් සහිතව විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කොට තිබේ.

කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස සිද්ධි සිදු වූ බැඳුම්කරු වංචා වලින් සිදු වූ පාඩුව රුපියල් කෝටි 1100ක් බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන ආණ්ඩු සමයේ සිදු වංචාව ඊට වඩා අඩු එනම් කෝටි 680 ක් බවත් පෙන්වාදෙන විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ග්‍රීක් බොන්ඩ් කලින් සිදු වූ පාඩුව රුපියල් කෝටි 800 ක් බවත් පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ ජනපතිවරයා යටතේ හෙජිං ගිවිසුමෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි 8000 ක් බවද විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ඊයේ පෙරේදා සිදුවූ සීනි වංචාවෙන් සිදු වූ පාඩුව රුපියල් කෝටි 1600ක් බවද පෙන්වා දෙන විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා වංචාව පිටු දැක තිබෙන්නේ කොතැනදැයි ප්‍රශ්න කරයි.

ඩොලරය රුපියල් 204 ක් දක්වා ඉහළ ගොස් ඇති මේ මොහොතේ ඇමරිකානු සමාගමක් හරහා බියගම සල්ලි කඳු පිටින් අච්චු ගහන බවද පෙන්වා දෙන විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය වර්ෂයේ පමණක් රුපියල් බිලියන 630 ක් අච්චු ගැසූ බවද හෙළිදරව් කරයි.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ වූ මෙම මාධ්‍ය හමුව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේද සහභාගිත්වයෙන් උන්වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට නාරාහේන්පිට අභයාරාමයේදී පවත්වන ලදී.

පසුගිය මහ මැතිවරණයේදී මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ විජයදාස රාජපක්ෂ මහතා මනාප 1,20,000 වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් හතරවැනි ස්ථානයට පත්විය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 April 2021 23:44

Related items