May 22, 2024

"ජනාධිපතිතුමා කිව්ව කිසි දෙයක් කෙරෙිලා නෑ" - එස්.බී ආණ්ඩුවේ වැරදි පෙන්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ඊයේ (04) ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් හිමියන් බැහැදැකීමට ගොස් උන්වහන්සේ සමග සිදුකළ සාකච්ඡාවේදී ආණ්ඩුව හා ජනාධිපතිවරයාගේ වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඇතැම් නිලධාරීන් පියවර නොගන්නා බව එහිදී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"දැන් පහුගිය දවස්වල ජනාධිපතිතුමා මේවා මේවා මේවා මේවා කරනවා, මෙච්චර දේවල් කරද්දිත් මිනිස්සු හොඳටම බනිනවා අපට කියලා කිව්වා. මං හොඳටම වැටිලා ඉන්නෙ, මොකද කියලා ඇහුවා. ලේකම්වරු ටිකත් හිටියා. ඒ පාර මං කිව්වා ඔබතුමා කිව්ව කිසිදෙයක් කෙරිලා නෑ කියලා.  ඇයි එහෙම කියන්නෙ කියලා ඇහුවා. මං කිව්වා ඔය ඉස්සරහා ඉන්නෙ අධ්‍යාපන ලේකම්. දැන් ඔබතුමා කිව්වානෙ ජාතික පාසල් 1000ක් හදනවා කියලා, දැන් අහන්න කීයක් හදලා තියෙනවද කියලා.එකක්වත් නෑ !" යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

 
"ඊට පස්සෙ මං කිව්වා, දැන් ඉඩම්. ඔය ඉන්නෙ ඉඩම් ලේකම්. 15000 - 20000ක් දෙන්න තියෙනවා මිනිස්සුන්ට. ඒක තාම වෙලා නෑ. අපෙ හාමුදුරුවනේ, කිව්වත් වෙන්නෑ. අධ්‍යාපනේ ජී. එල්. මොකවත්ම කරන්නෑ. අපි හදාගත්ත ආණ්ඩුවනෙ අපෙ හාමුදුරුවනේ. වේගෙන් වැඩ කරන්න ඕනෙ අපෙ හාමුදුරුවනේ, එහෙම නැතුව බෑ" යනුවෙන් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 05 April 2021 17:13