April 28, 2024

සිංහරාජය පීරූ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 11 කට සිංහරාජයෙන් හමුවී තිබෙන්නේ සෙල්ලම් බැකෝ යන්ත්‍ර 2 ක් විතරලු

සිංහරාජ වන විනාශය පිළිබඳව ආණ්ඩුවට එල්ල වන චෝදනා ගැන සොයා බැලීමට පිරිසක් සමග සිංහරාජයට ගිය ආණ්ඩු පක්ෂයේ ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු දරුවන් සෙල්ලම් කරන බැකෝ යන්ත්‍ර දෙකක් පමණක් සොයා ගැනීම් පිළිබඳව කතා පුවතක් අසන්නට ලැබේ.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව මැතිවරණ කොට්ඨාසයක් නියෝජනය කරන ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු වූ මෙම මන්ත්‍රීවරුන් පිරිස ඉකුත් බදාදා සවස සිංහරාජයේ සංචාරයක නියැලී තිබේ.

මෙම සංචාරයට අදාළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා විසින් භාර ගෙන ඇති අතර එම සංචාරයේදී සිංහරාජය තුළ සිදුවන වන විනාශයක් හෝ ඒ සඳහා යොදා ගන්නා බැකෝ යන්ත්‍ර ඇතුළු යන්ත්‍ර සුත්‍ර කිසිවක් සොයා ගැනීමට අදාල මන්ත්‍රීවරුන්ට සොයා ගැනීමට නොහැකි වීම මත සිංහරාජය සම්බන්ධයෙන් ගෙන යන මතය බොරුවක් බවට මන්ත්‍රී පිරිස නිගමනයකට පැමිණ තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 March 2021 12:18