May 06, 2024

සිංහරාජයේ වැව් හදන ඉල්ලීම පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයට යයි

ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති සිංහරාජ වැසි වනාන්තරය තුළ හෙක්ටයාර 4 ක භූමියක වැව් දෙකක් ඉදිකිරීමට අනුමැතිය ඉල්ලා ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ ලෝක උරුම කමිටුවට ලිපියක් ලියා ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

චමල් රාජපක්ෂ වාරිමාර්ග අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබෙන්නේ ඉකුත් 23 වැනිදා සිය අමාත්‍යංශයේදී යුනෙස්කෝ ජාතික කොමිසන් සභාවේ නියෝජිතයන් හමුවී මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කළ අවස්ථාවේදීය.

යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවද මෙවැනි සාකච්ඡාවක් සිදු වූ බව තහවුරු කොට තිබෙන අතර එවැනි ඉල්ලීමකට සිය කොමිසමට අවසර දීමට බලයක් නොමැති බව රාජපක්ෂ අමාත්‍යවරයාට දැනුම් දුන් බව ද තහවුරු කරයි.

සිංහරාජ වනාන්තරයේ ලංකාගම මාර්ගයට සමගාමීව ජලාශ 2ක් ඉදි කොට හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය ගෙනයෑමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉකුත් 23 වැනි දින පාර්ලිමේන්තුවේදීද ඊට දින 2කට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රදේශයේ උත්සව සභාවක් අමතමින් මෙම ජල ව්‍යාපෘති දෙක පිළිබඳව තොරතුරු එළිදරව් කරන ලදී.

Rate this item
(2 votes)
Last modified on Friday, 26 March 2021 14:05

Related items