May 06, 2024

ජනපති හෙට ලංකාගමට යයි - සිංහරාජයේ පාර ගැන තීන්දුවක් ගැනීමට සූදානම්

ආන්දෝලනයට ලක්ව තිබෙන ඉදිකරමින් පවතින නෙළුව - ලංකාගම මාර්ගය පුද්ගලිකව අධීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(29) ලංකාගම ප්‍රදේශයට යාමට නියමිතය. 

ඒ අනුව එහිදී පරිසර හානියන් සිදුව තිබේද යන්නත්, ජනතා ගැටලු පිළිබඳ සොයා බලා ජනාධිපතිවරයා තීරණයක් ගැනීමට සූදානම් බව වාර්තා වේ.

සිංහරාජ ලෝක උරුම රක්ෂිතයේ සිදුකල බව කියන නෙළුව - ලංකාගම මාර්ගය ඉදි කිරීම තුළින් දැඩි පාරිසරික හානියක් සිදුවන බවට පරිසරවේදීන් පෙන්වා දෙයි.

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ දැඩි සංවේදී පාරිසරික කලාපයක ඉදිකිරීම් සිදු කිරීමේදී වඩාත් පරිස්සම්ව සිදු කළ යුතු බවයි.

Rate this item
(1 Vote)

Related items