April 27, 2024

සිංහරාජ ජලාශය නතර කරන්න ඇමති එකගයි : අමාත්‍යංශ ලේකම් එහෙම නැහැ කියයි

චමල් රාජපක්ෂ වාරිමාර්ග අමාත්‍යවරයා සිංහරාජය ආශ්‍රිතව ඉදිකිරීමට සැලසුම් කළ ව්‍යාපෘතිය නවතා දැමීමට එකඟ වූ බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසන් සභාවේ මහලේකම් ආචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත මහතා බී.බී.සී සිංහල සේවයට ප්‍රකාශ කොට තිබෙන බව ජනමාධ්‍ය මාධ්‍ය වාර්තා කොට තිබේ.

ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසන් සභාව ප්‍රංශයේ පිහිටි යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය වන අතර ශ්‍රී ලංකා නියෝජිතයා එහි මහ ලේකම් ආචාර්ය මිගස්වත්ත වැඩිදුරටත් සඳහන් කරන්නේ ලෝක උරුම සිංහරාජ ආශ්‍රිත ලංකාගම මාදුගැටේ ඉදිකිරීමට සැලසුම් කළ ජලාශ ව්‍යාපෘතිය පිළිබඳව චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී කළ පැහැදිලි කිරීම් වලින් පසු එය නතර කිරීමට අමාත්‍යවරයා එකඟ වූ බවත්ය.

එම සාකච්ඡාවේදී සිංහරාජය ආශ්‍රිතව මෙවැනි ජලාශ සෑදීම නුසුදුසු බව සිය පාර්ශවය පෙන්වා දුන් බවත් අමාත්‍යවරයා එය පිළිගනිමින් සිංහරාජයේ කිසිදු ජලාශයක් හදන්නේ නැති බව පමණක් නොව සිංහරාජ ලෝක උරුමයට කිසිදු අනතුරක් වීමට ඉඩ නොකියන බවට සහතික වූ බවද බීබීසී සිංහල සේවයට ආචාර්ය මිගස්වත්ත පවසා තිබේ.

අමාත්‍යවරයා සමග එවැනි එකඟතාවයකට පැමිණියේ නම් ඒ බැව් ලිඛිතව ප්‍රකාශයට පත් කරන ලෙස පරිසර සංවිධාන ආචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත මහතා ඇතුළු ඔහු නියෝජනය කරන යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනයේ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

ඒ ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව දියත් කිරීමට නියමිත ජලාශ ව්‍යාපෘතිය නවතා දැමීමට පියවර ගන්නා ලෙස රජයට බල කරන ලෙස මෙරට පරිසර සංවිධාන මෙන්ම පරිසරවේදීන් ප්‍රංශයේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබූ නිසාය.

යුනිස්කෝ ශ්‍රී ලංකා ජාතික කොමිසන් සභාවේ සභාපති ආචාර්ය මීගස්තැන්න, චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් මෙවන් සහතිකයක් දුන්නද රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ තිබෙන වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයකින් තවමත් එම ව්‍යාපෘතිය නතර කොට නැති බවට අදහසක් ප්‍රකාශ කොට තිබේ.

වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට තිබෙන එම නිවේදනයේ සඳහන් වන්නේ සිංහරාජ වනාන්තර සීමාවේ ඉදිකිරීමට යෝජිත මාදුගැට ජලාශය ඉදිකිරීම ක්‍රියාත්මක කරන්නේ සියලු පාරිසරික, තාක්ෂණික, භූගෝලීය විශ්ලේෂණ සිදුකිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර එකඟතාවලට අනුකූලව සහ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව බවය.

Rate this item
(0 votes)
Last modified on Friday, 26 March 2021 16:34

Related items