May 07, 2024

සිංහරාජයේ ලංකාගම මාර්ගය ජනපති නිරීක්ෂණයට

ආන්දෝලනයට ලක්ව තිබෙන පුළුල් කරමින් පවතින නෙළුව - ලංකාගම මාර්ගය පුද්ගලිකව අධීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

සිංහරාජ ලෝක උරුම රක්ෂිතයේ සිදුකල බව කියන නෙළුව - ලංකාගම මාර්ගය ඉදි කිරීම තුළින් දැඩි පාරිසරික හානියක් සිදුවන බවට පරිසරවේදීන් පෙන්වා දෙයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ දැඩි සංවේදී පාරිසරික කලාපයක ඉදිකිරීම් සිදු කිරීමේදී වඩාත් පරිස්සම්ව සිදු කළ යුතු බවයි.

Rate this item
(0 votes)

Related items