May 17, 2024

"ආණ්ඩුවේ ගමන සුබවාදී නෑ" විජයදාස රාජපක්ෂ තීන්දුවට සූදානම් - දිනයත් කියයි

ආණ්ඩුවට ඉදිරියේදී වෙන්න යන දේ ගැන අනාවැකියක් කිව හැකි නමුත් ඊට කල් වැඩි බව හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය වැනි අනාවැකියක් තමන් කළින් කීවේ වලක්වා ගත යුතු නිසා බවත් දැන් කියන අනාවැකිය වලක්වා ගත යුතු දෙයක් නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්ඩුව යන ගමන සුබවාදී නැතැයි ද පෙන්වා දෙන රාජපක්ෂ මහතා තමන් ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද හෝ ගන්නා ක්‍රියාමාර්ග ගැන ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් කියා සිටියේය.

තමන් ගන්නා තීරණය පිළිබඳ තවත් මාස දෙක තුනකින් කිව හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

තමන් ජනාධිපතිවරයා හමුවූ රැස්වීමකට ගිය බවත් බැසිල් රාජපක්ෂ මහතා තමන්ට මාස තුන හතරකින් හමුවී නොමැති බවත් ඊලඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවට ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ නොකල බවත් හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව පැවසූවේ හිරු නාලිකාවේ පැවති සලකුණ වැඩසටහනට එක්වෙමිනි.

Rate this item
(11 votes)

Related items