May 19, 2024

ඒ ප්‍රශ්නෙත් ඉවරයි: මේ වන විට 45කගේ වැඩ අවසන් - යුද හමුදාපති

මේ වන විට කොවිඩ් හේතුවෙන් මියගිය පුද්ගලයන් 45 දෙනකු භූමිදානය කර තිබෙන බවට යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තොරතුරු හෙළිදරව් කරයි.

තවත් දේහයන් දෙක තුනක් භූමිදානය සඳහා ඉතිරිව තිබෙන බවද සඳහන් කරන හමුදාපතිවරයා ඒවා අද (15 ) වැනි දා භූමිදානය කිරීමට හැකි බවද සඳහන් කරයි.

මෙම දේහයන් මඩකලපුව ඕට්ටමවාඩි ප්‍රදේශයේ උස්බිමක යුද හමුදාවේ මැදිහත්වීමෙන් ආදාහනය කොට ඇති බවද පෙන්වා දෙන හමුදාපතිවරයා ඒ සමගම භුමිදානය සම්බන්ධයෙන් තිබූ ප්‍රශ්නය ද නිරාකරණය වී ඇති බව පෙන්වා දෙයි.

කොවිඩ් හේතුවෙන් මිය යන සිය ජාතිකයින්ගේ දේහයන් භූමිදානය කිරීමට ඉඩ දෙන ලෙස විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයින් දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලීම් කරමින් සිටි අතර ඊට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සිය විරෝධතාවයද පසුගිය දිනවල එල්ල කරන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Monday, 15 March 2021 15:46