May 17, 2024

දේශපාලන පලිගැනීම් කොමිසම විකාරරූපීයි - ඒකෙන් කොමිසම් වලට තිබූ වටිනාකමත් බාල්දු වුණා

දේශපාලන පලිගැනීම් කොමිසම විකාරරූපී බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

කොමිසම පළිගැනීම් කිරීමට ගොස් තිබෙන බව තමාට සිතෙන බවත් ඉන් කොමිසන් සභාවලට තිබෙන වටිනාකමද බාල්දු වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

දේශපාලන පිළිගැනීම් සෙවීමට පත්කළ ජනපති කොමිසමේ වාර්තාවෙන් පසු පාස්කු කොමිසමේ වාර්තාවද පැමිණීමෙන් එයද, බාල්දු උන දේශපාලන කොමිසන් බාස්කට් එකටම වැටුණු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මහජනතාවට නීති මූලධර්මයන් පිළිබඳ තිබෙන අවබෝධය අඩුකම මත එක් වාර්තාවක් කුණුගොඩක් ලෙස හැඳින්වෙන විට ජනතාව මෙයද කුණු ගොඩක් ලෙස සලකන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර තිබුණේ සති අන්ත විකල්ප ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 05 March 2021 11:19

Related items