May 11, 2024

විමල්ගේ 12 කල්ලිය තීන්දුවක් ගනී! ජනපතිට අගමැතිට කියන්න ගොඩක් දේවල් තියෙනවා

February 12, 2021

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ 12ක නායකයින් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ දී ඊයේ(11) පස්වරුවේ කළ සාකච්ජාවේදී මතුව ඇති අර්බූද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී සාකච්ජා කළ යුතු බවට තීන්දු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ ජනාධිපති සහ අගමැති හමුවී සාකච්ඡා කර දැන්විය යුතු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවකි.

රට අද මුහුණ දී ඇති තත්වයට ගත යුතු හදිසි ක්‍රියාමාර්ග මොනවාදැයි යම් සාකච්ඡාවක් ඔවුන් සමග කළ යුතු බවද ඔහු පැවසී ය.

Rate this item
(0 votes)