May 12, 2024

ආණ්ඩුවෙන් අපි යනවා කියන්නෙ ඉර බටහිරින් පායනවා වගේ වැඩක්නෙ - වාසුගෙන් සැර කතාවක්

February 12, 2021

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීම යනු බටහිරින් ඉර පෑයීම වැනි කිසිදා සිදුනොවන දෙයක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (11) විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් ඒ මහතාගේ නිවසේ පැවැත්වූ විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. 

"ආණ්ඩුවෙන් අපි ගියොත් ඒක මේ ඉර බටහිරින් පායනවා වගේ වැඩක්නෙ. රැස්වෙන්නෙ ආණ්ඩුව රකින්න. දැන් හතරවටෙන්ම කුමන්ත්‍රණකාරයො. දේශීයව හා අභ්‍යන්තරව හා බාහිරව" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(1 Vote)