May 11, 2024

"අමෙරිකානු තානාපති කාර්යාලය මේකට හොට දාලා තියෙනවා" - වාසු කියයි

February 03, 2021

තමන්ට තනිව කර ගත නොහැකි දේවල් යම් යම් පුද්ගලයින් සමඟ හවුලේ කර ගැනීම සිය ප්‍රතිපත්තිය බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය සුරැකීම වෙනුවෙන් එක්වු ආණ්ඩුවේ පක්ෂ දහයේ නායකයින් එක්ව අද(03) පැවැත්වු මාධ්‍ය හමුවකදිය.

"අපි මේ ගත්ත තීරණය බොහෝ සෙයින් වැදගත් තීරණයක් බව අපිට අමෙරිකානු තානාපතිනිය මතක්කර දී තිබෙනවා. අමෙරිකානු තානාපති කාර්යාලයත් මේ වෙලාවේ මෙකට හොට දාලා තියෙනවා. මෙය ඔවුන්ට අයිති නැති වැඩක්. මේකෙන් පේනවා භූ දේශපාලනික තරගය." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 February 2021 16:44